Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Halo Combat Evolved 0

හිරාන් චමුදිත | Saturday, November 27, 2010 |

 අද දවසට ලිපි දෙකයි.මේකයි setup factory එකයි.මේක game එකක්.නම තමා Halo - Combat Evolved.මේ game එක first person shooter වර්ගයේ game එකක් නැත්තං වෙඩි තියෙන game එකක්.මම නම් ​ මේක ඉවරත් කරා.( first person shooter games පිලිබද Wikipedia වෙබ් අඩවියේ පලවූ ලිපියක්)
වීඩියෝ ක්‍රීඩා එන්ජින් අතර වඩාත් ප්‍රචලිත උපකාණ්ඩයක් ලෙස “තමා විසින් වෙඩිතබන” (FPS) ආකාරයේ ත්‍රිමාන වීඩියෝ ක්‍රීඩා එන්ජින් හැදින් විය හැක. FPS වීඩියෝ ක්‍රීඩාවන් හිදි  මානව පරිමාණයන් තුළ දෘෂ්‍ය ගුණාත්මක බව සම්බන්ධ ඉතා වැදගත් වැඩි දියුණු කිරීම් සිදු වේ. ගුවන් යානයක් පැදවීම හෝ රථවාහන පැදවීම සම්බන්ධ වීඩියෝ ක්‍රීඩා සහ තත්කාලීන උපාය මාර්ගික වීඩියෝ ක්‍රීඩා විශාල පරිමාණයන්ට අදාලව වඩාත් තාත්වික ස්වභාවයක් ලබා දෙන අතරතුර FPS වීඩියෝ ක්‍රීඩා වඩාත් කුඩා මානව පරිමාණ පරිගණක රූප නිර්මාණයන් අතර ඉදිරියෙන්ම පිහිටයි.
වීඩියෝ ක්‍රීඩා තුළ දැක ගත හැකි FPS රූප නිර්මාණ එන්ජින් වැඩි දියුණුවීම ප්‍රධාන වශයෙන් ක්‍රමානුකූල තාක්ෂණික වැඩිදියුණු වීම් සහ ඇතැම් නව්‍ය නිර්මාණ ලෙසට කොටස් කල හැක. නිෂ්චිත වීඩියෝ ක්‍රීඩා එන්ජින් පරම් පරාවන් අර්ථ දැක්වීම සම්බන්ධයෙන් සිදු කරන උත්සාහයන් හේතුවෙන් නව්‍ය වීඩියෝ ක්‍රීඩා එන්ජිමක් සහ පැරණි වීඩියෝ ක්‍රීඩා එන්ජිමක අතිශය වැඩි දියුණු කරන ලද ආකාරයක් වෙන් කොට හඳුනා ගැනීමේදී අභිමත පරිදි තෝරා ගැනීම් සිදු කෙරෙයි.

වීඩියෝ ක්‍රීඩා එන්ජින් තුළ පැරණි මෙන්ම නව තාක්ෂණයන් ද අන්තර්ගත වන හෙයින් ඒවා වර්ගිකරණය සංකිර්ණ ක්‍රියාවලියකි. කිසියම් වසරක වීඩියෝ ක්‍රීඩාවක අඩංගු කිසියම් දියුණු ක්‍රම වේදයක් ලෙස සැලකෙන තාක්ෂණයක් ඊළඟ වසරේදී කිසියම් සම්මත උපාංගයක් බවට පත්වේ. පැරණි පරම්පරාවන් සහ නව උපක්‍රමයන් අන්තර්ගත කොට වීඩියෝ ක්‍රීඩා නිර්මාණය සාමාන්‍ය ක්‍රමයයි. උදාහරණයක් ලෙස 1998 වසරේ නිකුත් වු Jurassic Park : Trespasser වීඩියෝ ක්‍රීඩාව FPS වීඩියෝ ක්‍රීඩා‍සදහා භෞතික විද්‍යාව හදුන්වාදෙන ලදී. කෙසේ නමුත් 2002 වස‍ර පමණ වන තුරු මෙය පොදු අංගයක් බවට පත් නොවීය. 2001 වසරේ නිකුත් වු Red Faction විඩියෝ ක්‍රීඩාව ‍විනාශ කල හැකි බිත්ති සහ පොළව්‍සහිතව නිර්මාණය කර තිබු අතර වසර ගණනාවකට පසුව ද මෙය පොදු උපාංගයක් බවට පත්ව නැත.

(උදා - 2004 වසරේ නිකුත් වු Unreal Tournament වීඩියෝ ක්‍රීඩාව තුළ විනාශ කළ නොහැකි වස්තූන් අන්තර්ගත නොවේ. 1998 වසරේ නිකුත් වු Battlezone වීඩියෝ ක්‍රීඩාව තුළ සහ1999 වසරේ නිකුත් වු Battlezone II Combat Commander වීඩියෝ ක්‍රීඩාව තුළ සාමාන්‍ය FPS අන්තර්ගතයට අමතරව වාහන ආධාරයෙන් යුධ වැදීම ද අන්තර්ගත විය. කෙසේ නමුත් මෙය ප්‍රධාන ප්‍රවාහයට එක් වීමට තවත් කාලයක් ගත විය. වාහන භාවිතයෙන් යුධ වැදීම තමා විසින්ම වෙඩි තැබීම සමග එක් කර නියමාකාරයෙන් නිර්මාණය කල වීඩියෝ ක්‍රීඩා අතරට Tribes 2, Halo Combat Evolved සහ Unreal Tournament 2004 යන ක්‍රීඩා අයත්වෙයි.


 

0 Responses So Far:

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet