Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

ඔබ සැමට කිරියෙන පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 2

හිරාන් චමුදිත | Thursday, April 14, 2011 |

 හැමෝටම සුබ දවසක් වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.අද උදේ මම බ්ලොග් එකට එනකොට බ්ලොගිය නෑ කියලා ඒකෙ වැටිලා තිබ්බා.මම හිතුවා මගේ බ්ලොගියත් වලපල්ලේ කියලා.තප්පරේට බ්ලොගර් ගිහින් මේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොගින් වුන ගමන් මුන් ​පෝන් නම්බරයක් ගහලා එකවුන්ට් එක වෙරිෆයි කරපං කියලා තිබ්බා.වෙලාවට තාත්තා ගෙදර හිටියා.තප්පරේට පෝන් නම්බරේ ගහලා ටෙස්ට් මැසේජ් එකක් එවාගෙන ඒකෙ තිබ්බ වෙරිෆයි නම්බරේ ගහලා එන්ටර් එබුව ගමන් පාස්වර්ඩ් එක වෙනස් කරපං කියලා තිබ්බා.ඒකත් කොලාට පස්සේ බ්ලොග් එකට යන තැන හිස්.මම දෙලෝ රත්වුනා.මොනා කරන්නද ඉතින් කියලා හිත හිත ඉද්දි මතක් වුනා මම මේකෙ පෝස්ට් ටිකයි අච්චුවයි කලින් බාගත්තා නේද කියලා.
ඉතින් ඒක හොයාගෙන අලුත් බ්ලොග් එකක් හැදුවා.ඒක තාමත් තියනවා ඒකට යන්න ඕනේ නම් මෙතනින් යන්න.හදලා.සිංහල බ්ලොග් කියවනයට මැසේජ් එකක් දැම්මා.ලාංකීය සිතුවිලි වලට අලුතින් බ්ලොගිය දැම්මා.ඊට පස්සේ මේ සේරම කොරලා ෆේස්බුක් එකෙත් Status 4,5 කුත් දැම්මා.ඉතින් කලින් ෆලෝ කරපු කවුරුත් නැති නිසා මම අදුරන එක්කෙනෙක්ට කිව්වා පොඩි ෆලෝ පාරක් දාන්න කියලා.ඉතින් ඊට පස්සේ අලුතින් හැදුව බ්ලොගියට වැඩකෑලි ටිකක් දාලා එහෙම ආපහු ආතල් එකට Dashboard එකට යද්දි පහලම මේ බ්ලොගිය ආයෙත් තියෙනවා.මට තවත් මල පැන්නා ඇයි ඉතින් මේ බ්ලොගිය ආයිත් වැඩ කරනවා කියලා තව Status 4,5 ෆෙස්බුක් එකේ දාන්න එපැයැ.ඒ මදිවට සින්ඩි වලට දාපු මැසේජ්.ෆෙස්බුක් එකේ ස්ටැචූ නම් දැම්මා.එහෙම නොකර ඊලගට මේකට කවුරුත් එන එකක් නෑ.ඉතින් කොහෙමෙන් කොහොම හරි බ්ලොග් එක ආයිත් දකින්න ලැබුනු එක ගැන සතුටුයි.අද මම මේ පොස්ට් එක ලිව්වු හදිස්සියේ.හදිස්සියේ කිව්වේ කලින් මේවගේ එකක් දාන්න හිතං හිටියේ නෑනේ.එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.ඉදිරියටත් මේ බ්ලොගිය මෙහෙම්මම තියෙයි කියලා බලාපොරාත්තු වෙනවා.ඔයගොල්ලෝ හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!

2 Responses So Far:

කෙෂාන් විදුරංග said...

එසේම වේවා මල්ලි.....
මාර සීන් එකක් නේ ඒක... එල එල

ඒත් මේ ස්ටැචූ කියන එකේ තේරුම පිලිමය නේද?
මේක ස්ටේටස් කියල වෙනස් කරන්න....

හිරාන් චමුදිත said...

@Kathandara - ඔයාටත් එසේම වේවා !කොමෙන්ට් දැම්මට ස්තූතියි........

@කෙෂාන් විදුරංග - අපි ඉතින් ඉංග්‍රීසි දන්නේ නෑනේ ඒක කිව්වට ස්තුතියි.මම අද වෙනකං දැනං හිටියේ ඒකට කියන්නේ ස්ටැචූ කියලා.ඔයාට ස්තූතියි ඒක කිව්වට...:p

Please Leave a Comment

 
ChamudithaBlog™ Copyright © 2011 All Right Reserved ChamudithaNet